Wednesday, August 31, 2016

අධ්‍යාපන ඩිප්ලෝමාව

සෙමෙස්ටර් දෙකකි
ඉගැන්වීම් ක්‍රම ගොඩකි, අපට ඉගැන්විය නොහැකි.
විෂමාකාර අධ්‍යාපන පණ්ඩිතයන් ගොඩකි
බ්ලුම් ඉන් එකෙකි
එකෙකුට එකෙක් නැති හිස් ගෙඩි ගොඩකි.
assignment ගොඩකි
හිතේ හැටියට ලියන්නට නොහැකි.
mid, end exam ගොඩකි
ඉහල සාමාර්ථ ගිරවුන්ට පමණි.
body නොමැති sign ඇති කොළ ගොඩකි.
පුස්තකාලයනම් නිදන මැදිරියකි.
academic නම් වූ මානසික ලෙඩෙකි.
මහත්වරුන්ගෙන් නිදහස්ව පැමිණෙන නොනලාද,
නෝනලාගෙන් නිදහස්ව පැමිණෙන මහත්වරුන්ගේද
සතුටු සාමීචි සපිරි සුපිරි නිවාඩුවකි.
විෂය නිර්දේශ, ගුරු අත් පොත්, පෙළ පොත්, වාර සටහන්, දින සටහන්,
අන්තර්ජාල ඉගෙනුම්, ක්ෂේත්‍ර පොත්, ජර්නල්, ආධාරක.....
ඒ මදිවට action research....
එකී මෙකී නොකී ලොරියක රැගෙන යායුතු බඩු සහිත
teaching practice සමයමකි.
 විනාඩි තුනෙන් පාඩමට පිවිස
කලින් ලියාගත් පොදු සහ සුවිශේෂී අරමුණු ඉටුකර ගැනීම
සඳහා පොරබදින,
නානාමාදිලියේ ඉගැන්වීම් ක්‍රම යොදමින්
පාඩම සංවර්ධනය කර,
අවසානයේ..., ඇගයීම් තක්සේරුවෙන්ද නොනැවතී,
ප්‍රතිපෝෂණද ලබා දෙමින් සමාලෝචනය කරා ලඟා වන
සුන්දරවූ මල් කැකුළු තලා පෙලා දමනා
විනාඩි හතළිහක කාලච්ජේදයකි.
යහපත් පුරවැසියකු තැනීමට
අත්‍යවශ්‍යම අරුම පුදුම ඩිප්ලෝමාවකි
අධ්‍යාපන ඩිප්ලෝමාව.








මෙය බොහෝ කලකට පෙර මවිසින් ලියා තිබී පොත් අතර සැඟව තිබී අහම්බෙන් හමු වූ කවියකි.